Wednesday, December 14, 2011

Internet Money


ෆේස්බුක් එකේ යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද? කිසිම මහන්සියක් නෑතුව ෆේස්බුක් එකෙන් අපිට මුදල් හොයන්න පුලුවන්. කරන්න තියෙන්නේ fan page වලට like කරන එක විතරයි. මටත් මේ ගැන දැන ගන්න ලබුනේ මගෙ යාළුවෙක් මාර්ගයෙන්.ඉතින් මුලින්ම මම ඒ යාළුවටත් ගොඩක් ස්තූති කරනවා.මම නන් තවම fanslave මගින් මුදල් ලබා ගෙන නෑ. නමුත් වියදමක් යන්නෙත් නැති කාලය අපතේ යන්නෙත් නැති නිසා මෙක කරල බලන එකේ පාඩුවක් නෑ කියන එකයි මගේ මතය නන්. තවත් විශේෂම කාරණයක් තමයි ඔයාගෙ original profile එක මේ වැඩේට යොදාගන්න එපා. 

Hint: කොහොමත් ඉතින් ඔයාලට fake profile බරගානක් තියෙනවනේ. :D ඒ නිස වැඩේ තවත් ලේසි.

හොදයි මම දැන් කියල දෙන්නන් ඔයාට fanslave ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා. මුලින්ම fanslave ලින්ක් එකට ගිහින් මේ site එකේ ඔයාට account එකක් හදාගන්න. 


Form එක නිවෑරදිව fill කලට පස්සේ I ACCEPT CREATE MY ACCOUNT click කරන්න. මීලගට කරන්න තියෙන්නේ ඔයාගේ facebook  ගිණුම fanslave ගිණුමට සම්බන්ධ කරගැනීමයි. මේ සදහා ඔයාගෙ fanslave ගිණුමට log වෙලා ලැබෙන web පිටුවෙ "Fconnect" බොත්තම ක්ලික් කරන්න.



 දැන් ඔබගේ ෆේස්බුක් අඩවිය සමග Fanslave අඩවිය සම්බන්ධ වන අතර එහිදී අසන පැනයට "Allow" ලෙස දෙන්න.

මුලින්ම register උනාම ඔයාට EUR (යුරෝ) 0.25(1EUR = 150LKR) ක මුදලක් ගිනුමට එනව.ඊට පස්සේ කරන්න තියෙන්නේ එයාල දෙන fan page වලට like කරන එකයි. දිනපතාම fanslave මගින් මේ වගේ fanpage ඔයාට ලබා දෙනවා. 

ඔයාගෙ ගිණුමෙ යුරෝ 15 එකතු උනාට පස්සේ ඔයට පුලුවන් ඒ මුදල ගෙදරටම ගෙන්න ගන්න.මුදල් ගෙන්වා ගෑනීමටwww.alertpay.com ගිහින් account එකක් හදා ගන්න. යුරෝ 15ක් හෙව්වට පස්සේ ඔයාගෙ ගිණුමෙ තියෙන මුදල් alertpay ගිණුමට යවන්න පුලුවන්.

ඔයාට like කරන්න තියෙන fan page බලගන්න ඔනි නම් Your Account - > FaceBook Overview 

NOTE:- ඔයාගෙ ගෙදර ලිපිනය අවශ්‍ය වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට (යුරෝ 15 ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැ)එයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන් ඔයාගේ ගෙදරට.ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. ඒ නිසා නිවැරදි නම සහ ලිපිනය දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.

ඉදිරියේදි මේ ගැන තව දුරටත් ලියන්න බලාපොරොත්තු වෙනවා. fanslave මගින් මුදල් ලබාගත්ත යලුවෙක් ඉන්නවා නන් comment එකක් දාන්න. ඔයාලට අපැහැදිලි දෙයක් තියෙනව නන් comment එකක් දාන්න. ජය වේවා!!!

Sunday, October 16, 2011

Windows Forms and the User Interface

         ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සේ මම ඔයාලට අද programming ගැන ලිපියක් ලියන්න තීරණය කලා.මම මේ Blog එක ලියන්න මුල පිරුවේ C# වලින්. ඔයාල මගෙ කලින් ලිපි කියවන්න ඇති කියල මම හිතනවා. මීට ඉහත ලිපි වලදි මම අවධානය යොමු කලේ Console Applications ගැනනේ.programing වලට කැමති ඔනම කෙනෙක් GUI application ගැන ඉගෙන ගන්න කැමතිනේ. ඉතින් මම අද ඉදල GUI Applications ගැන ලියන තීරණය කලා. හොදයි, අපි දැන් වැඩේට බහිමු.. 

මුලින්ම Microsoft visual studio 2008 open කරගන්න. දැන් File -> New -> Project වලට යන්න. දැන් ඔයාට පහල තියෙනව වගෙ Dialog Box එකක් open වෙයි. ඊට පස්සේ project types යටතේ ඇති Visual C# වලින් Windows select කරගන්න.ඊට පස්සේ project types යටතේ ඇති Visual C# වලින් Windows select කරගන්න. දැන් template යටතේ ඇති WindowsFormsApplication select කරගන්න. දැන් ඉතින් ඔයා කැමති නමක් දීල ok කරන්න.


දැන් ඉතින් තියෙන්නේ කැමති විදියට ඔයාගෙ window එකේ properties වෙනස් කරගන්න. මේ සඳහා ඔයාගේ Form එක උඩ click කරල form එක select කරගන්න. එවිට ඔයාගෙ main window එකේ දකුණු පැත්තෙ පහලින් form එකට අදාල properties බලාගන්න පුළුවන්.ඒ වගේම අවශ්‍ය විදියට properties වෙනස් කරගැනීමෙන් interface එකේ පෙනුම වෙනස් කරගන්න පුළුවන්.


Some Properties of the Form Class


Backcolor-   form එකේ background color වෙනස් කරගැනීම.
Cursor  - form එක මත cursor එක දිස් වන ආකාරය මෙයින් වෙනස් කරගත හැකිය.
BackgroundImage  - form එකට background image එකක් ලබාදීම.
Font - මෙමගින් ගැලපෙන පරිදි font වෙනස් කරගැනීම කරගත හැකිය.
FormBorderStyle - form border එක සහ title bar එකේ පෙනුම මෙමගින් දැක්වේ.
Icon - form එක නිරූපණය කිරීම සඳහා භාවිත කෙරෙන Icon මෙයින් දැක්වේ.
StartPosition - form එක දිස් වන ස්ථානය මෙයින් දැක් වේ.
Text - form එකේ text caption වෙනස් කරගත හැකිය.
Visible - form එක run වෙන අවස්ථාවේදී එහි visibility එක මෙයින් දැක් වේ.


              මම ඉහත දක්වල තියෙන්නෙ අපිට නිතරම අවශ්‍ය වෙන properties කීපයක්. මේ ආකාරයෙන් properties විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා එකින් එක වෙනස් කරල මොකද වෙන්නේ කියන දේ ගැන ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. මූලිකවම මම අද ලියන්න අදහස් කලේ form එකක්  create කරගෙන එකේ properties වෙනස් කරගන්න ආකාරය පිලිබඳවයි. ඉදිරියේදි GUI application පිලිබඳව ගැබුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Tuesday, April 26, 2011

ලස්සන Boot screen

හ්ම්ම්ම්....අද මගේ blog එකේ පොඩි වෙනසක් කරන්න හිතුවා.මම කලින් ලියපු හැම ලිපියකින්ම කතා කලේ C# ගැනනේ.ඉතින් අද මට හිතුන programming වලට අමතරව Ubuntu ගැනත් පොඩි වැඩ කෑලි ටිකක් කියල දෙන්න. windows වගේම Ubuntu මෙහෙයුම් පද්ධතිය අපේ ගොඩක් අය දැන් භාවිතා කරනවා. ඒ වගේම Ubuntu ගැන දැන ගන්න කැමති අයත් ඉන්නවනේ. ඉතින් ඔය හැම කෙනෙක්ටම වැදගත් වෙන ලිපි පෙලක් අද ඉදන් මගෙ blog අඩවියේ දිගහැරෙවි...මේ ඇරඹුමයි...

අපි කවුරුත් කැමතිනෙ අපෙ පරිගණකය පොඩ්ඩක් වෙනස් විදියට පාවිච්චි කරන්න.ලස්සන theme දාන්න.එක එක software දාල අපේ computer එකට පොඩි look එකක් දෙන්න...මම Ubuntu 10.04 වල තියෙන ඒ වගෙ පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්නන්. ඔයාගෙ පරිගණකය boot කරනකොට ඔයා කැමති Boot screen එකක් දෙන්නෙ කොහොමද කියල ඕන්න බලාගන්න එහෙමනන්...

Ubuntu මෙහෙයුම් පද්ධතියේ boot screen එකට අදාල background එක හා animation display  කර ගන්න theme framework එකක් යොදාගන්නව. ඒ නිසා සරලව wallpaper එකක් අපේ boot screen එකට ඇතුලත් කරගන්න බෑ. ඒ සදහා plymouth theme එකක් පරිගණකයේ ස්ථාපනය කරගන්න ඔනා. Ubuntu වල මේ ආකාරයේ plymouth themes කිහිපයක්ම තියෙනව...ඒව ස්ථාපනය කරගන්න මේ command එක ඔයගෙ terminal එකේ කොටල enter බොත්තම ඔබන්න...


sudo apt-get install plymouth-theme-*

plymouth themes ස්ථාපනය කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඔයා කැමති theme 1 select කරගන්න එකයි...

ඒකට මෙන්න මේ command එක ටෙර්මිනල් එකේ copy & paste කරන්න.


sudo update-alternatives --config default.plymouth



මේ විදියෙ list එකක් ලැබෙන්න අති ඔයාටත්...දැන් ඉත්න් කැමති theme එකේ number එක type කරල enter ඔබන්න.

system එක update කරන්න පහල command එක දෙන්න. මගෙ නන් එක දුන් නැතුව වැඩ කලා...ඔයගෙ අලුත් spalsh screen එක ආවෙ නැත්නන් මේ command එක දීල බලන්න.



sudo update-initramfs -u

Restart පාරක් දීල බලන්න සියලු දෙවියන්ව සිහි කරගෙන...  වැඩේ හරි ගිය නන් comment පාරකුත් දාන්න එලකිරි වගේ.

ගුණ දොස් කියන්න පහල කො‍ටුවෙ ඉද තියෙනවා....

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop