Tuesday, April 26, 2011

ලස්සන Boot screen

හ්ම්ම්ම්....අද මගේ blog එකේ පොඩි වෙනසක් කරන්න හිතුවා.මම කලින් ලියපු හැම ලිපියකින්ම කතා කලේ C# ගැනනේ.ඉතින් අද මට හිතුන programming වලට අමතරව Ubuntu ගැනත් පොඩි වැඩ කෑලි ටිකක් කියල දෙන්න. windows වගේම Ubuntu මෙහෙයුම් පද්ධතිය අපේ ගොඩක් අය දැන් භාවිතා කරනවා. ඒ වගේම Ubuntu ගැන දැන ගන්න කැමති අයත් ඉන්නවනේ. ඉතින් ඔය හැම කෙනෙක්ටම වැදගත් වෙන ලිපි පෙලක් අද ඉදන් මගෙ blog අඩවියේ දිගහැරෙවි...මේ ඇරඹුමයි... අපි කවුරුත් කැමතිනෙ අපෙ පරිගණකය පොඩ්ඩක් වෙනස් විදියට පාවිච්චි කරන්න.ලස්සන theme දාන්න.එක එක software දාල අපේ computer එකට පොඩි look එකක් දෙන්න...මම Ubuntu 10.04 වල තියෙන ඒ වගෙ පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්නන්. ඔයාගෙ පරිගණකය boot කරනකොට ඔයා කැමති Boot screen එකක් දෙන්නෙ කොහොමද කියල ඕන්න බලාගන්න එහෙමනන්... Ubuntu මෙහෙයුම් පද්ධතියේ boot screen එකට අදාල background...

Wednesday, April 6, 2011

User inputs…

මුලින්ම, මගේ blog එකේ article කියවල මාව දිරිමත් කරපු හැම යළුවෙක්ටම ස්තූති කරනවා. මමත් කලින් C# කරලා නෑ.ඉගන ගන්න ගමන් තමයි මේ විදියට article ලියන්නේ. ඔයාට මගෙ ලිපියකින් පුංචි හරි දැනුමක් අලුතින් එකතු කර ගන්න ලැබුන නන් මගෙ මහන්සියේ ප්‍රථිඵල තියෙනව කියල සතු‍ටු වෙන්න පුලුවන්. හරි මචං ඉවරයි... අපි දැන් වැඩේට බහිමු.මම මේ lesson එකෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ console එක මගින් user input එකක් ලබාගන්නේ කොහොමද කියන එක ගැනයි. අපි කලින් lesson එකෙන් ඉගෙන ගත්තනෙ command line argument එකක් handle කරගන්නේ කොහොමද කියල. එහිදී කේතය execute කරගන්න අවස්ථාවේදීමයි inputs ලබා දීම කරන්නේ. අපි දැන් බලමු කේතය run කර ගත්තට පස්සේ console එකෙන් input එකක් ලබාගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න තියෙන  පහසුම විදිය වෙන්නේ System namespace එකේ තියෙන Console.ReadLine...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop