Thursday, March 3, 2011

Hello World


              දැන් coding වලට යමු හෙමනන්... සාමාන්යන් ඔනෑම Programing language 1ක් හැදෑරීමේදී එහි පලමු පියවර වන්නේ "Helloworld" output එක ලබා ගැනීමයි. මෙය C# Development environment එක නිවැරදිව ස්ථාපනය වී ඇත්ද යන්න තහවුරු කර ගැනීමටද භාවිතා කල හැකිය.

               පහත උදාහරණයෙන් දැක්වෙන්නේ c# භාවිතයෙන් Helloworld වැඩසටහනක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකයි.

using System;

namespace ConsoleApplication6
{
    class Program
    {
        static void Main(string[] args)
        {
            Console.WriteLine("Hello, World!");
        }
    }
}

Code Explanation
 




using System;


1. ඇත්තටම මේ using කියන එකෙන් වෙන්නේ System කියන class එක include කරගන්නවා වගේ දෙයක්(C වලදි නන් මේක include <stdio.h> ට සමාන වෙනවා) System.Console කියන class එක ඇතුලේ තමයි WriteLine කියන method එක අන්තර්ගත වෙලා තියෙන්නේ.




namespace ConsoleApplication;


2. namespace line එකේ අපේ program එකෙ නම අඩංගු වෙනවා. namespace එකකෙන් එකිනෙකට සමබන්ධ code එකට ගොනු කර තබා ගැනීමක් සිදුවෙනවා.ඒ කියන්නේ මේ program එකට අදල code ටික CosoleApplication කියන namespace එක යටතේ ගොනු කරලා තියා ගන්නවා.




public class Hello


3. මේකනන් ඉතින් ඔයා හොදටම දන්නවනේ. C# වලදි අපේ code class එකට අන්ත්ර්ගත වෙන විදියට ලිවීම අවශ්යයි.





public static void Main(string args[])


4. සුපුරුදු ලෙසම මෙ තියෙන්නේ අපෙ program එකේ Main method එකයි. අපේ code එක run කලාම program එකේ ආරම්භක ස්ථානය විදියට ගන්නෙත් මෙන්න මේ Main method එකයි. තවද Main method එක class එක තුල අන්තර්ගත වන සේ ලිවීම අනිවාර්යය.
 

 





System.Console.WriteLine (“Hello , World!”);


5. මේ line එකෙන් තමයි අපේ code එකේ output console එකට print වෙන්නේ. අපි මුලින්ම කතා කරපු System class එක import කරල නැත්නම් අපිට මේ විදියට මේක භාවිතා කරන්න බැහැ.එවිට පහත පරිදි එය භාවිතා කිරීමෙන් errors මගහරවා ගත හැකියි.
System.Console.WriteLine (“Hello , World!”);


දැන් බලමු කොහොමද මේක compile කරල run කරගන්නේ කියලා. ඒක ආකාර දෙකකට කරගන්න පුළුවන්.
1ආකාරය:-
මුලින්ම අපේ program එක build කරගන්න ඕන. එවිට අපේ වැඩසටහනට අදාල .exe file එක bin folder එකේ create වෙනවා.
 

Build -> Build Solution(F6)

අපේ IDE එකේ තියෙන play button එක මත click කරල අපිට මේක run කරන්න පුළුවන්.
 


Debug -> Start Debug(F5)
  
එවිට එක් වරම console එක මත output එක ලැබී program එක exit වීමක් සිදුවනු ඇත. එම නිස මෙවිට හරියාකරව output 1 බලාගත නොහැකිවේ. 
                                                                                                                                            2ආකාරය:-
තවද Visual Sudio command prompt එක භාවිතයෙන්ද අපට output එක ලබාගත           හැකියි.එවිට ඉහත ගැටළුව මගහැරෙනු ඇත.

                     Start->All Programs->Microsoft Visual Studio->Visual Studio Tools->Visual Studio                            Command Prompt


Step 1 :-
            ඔන්න දැන් තමයි හොදම වැඩේ තියෙන්නේ...මම දැන් ඔයාට කියල දෙන්නන් කොහොමද අපේ code එක compile කරගන්නේ කියලා.ඒක හරිම සරලයි.ඔයාල JAVA වල code compile කලා වගේම තමයි මේකත්. මුලින්ම file එක තියෙන location එකට යන්න. ඊට පස්සේ මේ command එක enter කරන්න.
csc Hello.cs
e.g. :- C:\Documents and Settings\sameera>csc Hello.cs

දැන් ඔයාට මේ වගේ output එකක් ලැබෙන්න ඇති.code එක නිවැව්රදිව compile කලාට පස්සේ ඊට අදාල exe file එක create වෙනවා. syntax errors තියෙනවනන් ඒවා නිවැරදි කරල නැවත compile කරන්න.


Step 2 :-
            දැන් අපේ code එක run කරගමු.ඒක කරන්නේ මෙහෙමයි.
e.g. :- c:\Documents and Settings\sameera>Hello
 
Output

 




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop