Thursday, March 3, 2011

Introduction to Visual Studio


Programing Language එකක මූලිකම කාර්ය වෙන්නේ පරිගනක වැඩසටහන් නිර්මාණය කිරීමයි. පරිගනකයේ තිබෙන විවිධ මූලාශ්‍ර භාවිතයෙන් අපට උවමනා පරිදි වැඩසටහනක් නිර්මාණය කිරීම හා එම වැඩසටහන run කිරීමට අදාල විවිධ විධාන ලබාදීම පරිගනක ක්‍රමලේඛන භාශාවක් මගින් ඉටුවෙනවා. 

            ඉතින් ඔයාල කවුරුත් දන්නවනෙ වර්තමානයේ මේ ආකාරයේ  පරිගනක ක්‍රමලේඛන භාශා විශාල ගනණක් බිහිවෙල තියෙනව කියන එක. එක් එක් අවධි වල විවිධ ක්‍රමලේඛන භාශා මෘදුකාංග ලෝකයේ වැජභුණු බවත් ඔයලා දන්නවනේ...ඉතින් මම මේ ලිපි පෙලින් බලපොරොත්තු වෙන්නේ Microsoft සමාගම විසින් C++ හා Java වල තිබූ හොද ලක්ෂණ කැටි කර හදුන්වා දුන් C# පිලිබදව ඔයාලගේ දැනුමට අලුතින් යමක් එකතු කරන්නයි.



            මේ සදහා මම මුලින්ම Microsoft visual studio 2008 මගෙ computer එකේ install කරගත්තා.හොදයි! අහෙනන් ඉතින් වැඩි වැල්වටාරන් නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු. ඔයාල Microsoft visual studio 2008 නිවැරදිව install කරගත්තට පස්සේ ඒක open කරගන්න.
                                                              
Step 1:-
             හරි දැන් ඉතින් කරන්න තියෙන්නේ New Project එකක් create කරගන්න එකයි.ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.
                         File -> New -> Project

Step 2:-
                ඊට පස්සේ ඔයාලගේ screen එකේ New Project කියල dialog box එකක් open වෙයි. ඒකෙ වම් පැත්තේ තියෙන "Project types" වලින් Visual C# select කරගන්න මුලින්ම. 
Step 3 :- 
               ඊලගට කරන්න තියෙන්නේ ඔයාට ඔනේ template එක select කරන එකයි.අපි මුලින්ම Console Application වලින් පටන් ගමු.

Step 4 :-  
                 අන්තිමට ඔයාට කැමති Name එකක් Location එකක් දෙන්න පුළුවන්.
            හ්ම්ම්....ඔන්න ඔයාට දැන් ඔයා create කරපු project එක open වේවි. ඔනෑම C# program එකක defualt open වෙන්නේ "Program.cs" කියන file එකයි. ඔයාගෙ project එකේ තියෙන files බලගන්න ඔනෙ නම් දකුණු පැත්තේ තියෙන "Solution Explorer" කියන එකෙන් ඒක කරගන්න පුළුවන්. Solution Explorer එකේ තියෙන තවත් වාසියක් තමයි අපේ project එකට අදාල class diagram එකත් අපිට මේකෙන් බලගන්න පුළුවන්.


           
අපේ project එක build කලාම ඊට අදාල .exe file එක create වෙනවා.ඒ .exe file එක තියෙන්නේ bin -> Debug කියන folder එක ඇතුලේ.
           

4 comments:

Dhanushka.. said... Best Blogger Tips

niyamai machan..
hooda wadak..digatama karanna suba pathanawa..

සමීර මධුෂාන් said... Best Blogger Tips

@potha athatama machan asa hitenawa ohoma kiyaddi....thnx machan mawa dirimath karanawata...

Madhawa Udayakantha Gunasekara said... Best Blogger Tips

@sameera:
machan digataama liyamu,,apitath eaaka help ekak leysiyen languages igena ganna,,,wish u all the best macho dira...

සමීර මධුෂාන් said... Best Blogger Tips

@madawa thnx machan...

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop