Sunday, October 16, 2011

Windows Forms and the User Interface

         ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සේ මම ඔයාලට අද programming ගැන ලිපියක් ලියන්න තීරණය කලා.මම මේ Blog එක ලියන්න මුල පිරුවේ C# වලින්. ඔයාල මගෙ කලින් ලිපි කියවන්න ඇති කියල මම හිතනවා. මීට ඉහත ලිපි වලදි මම අවධානය යොමු කලේ Console Applications ගැනනේ.programing වලට කැමති ඔනම කෙනෙක් GUI application ගැන ඉගෙන ගන්න කැමතිනේ. ඉතින් මම අද ඉදල GUI Applications ගැන ලියන තීරණය කලා. හොදයි, අපි දැන් වැඩේට බහිමු.. 

මුලින්ම Microsoft visual studio 2008 open කරගන්න. දැන් File -> New -> Project වලට යන්න. දැන් ඔයාට පහල තියෙනව වගෙ Dialog Box එකක් open වෙයි. ඊට පස්සේ project types යටතේ ඇති Visual C# වලින් Windows select කරගන්න.ඊට පස්සේ project types යටතේ ඇති Visual C# වලින් Windows select කරගන්න. දැන් template යටතේ ඇති WindowsFormsApplication select කරගන්න. දැන් ඉතින් ඔයා කැමති නමක් දීල ok කරන්න.


දැන් ඉතින් තියෙන්නේ කැමති විදියට ඔයාගෙ window එකේ properties වෙනස් කරගන්න. මේ සඳහා ඔයාගේ Form එක උඩ click කරල form එක select කරගන්න. එවිට ඔයාගෙ main window එකේ දකුණු පැත්තෙ පහලින් form එකට අදාල properties බලාගන්න පුළුවන්.ඒ වගේම අවශ්‍ය විදියට properties වෙනස් කරගැනීමෙන් interface එකේ පෙනුම වෙනස් කරගන්න පුළුවන්.


Some Properties of the Form Class


Backcolor-   form එකේ background color වෙනස් කරගැනීම.
Cursor  - form එක මත cursor එක දිස් වන ආකාරය මෙයින් වෙනස් කරගත හැකිය.
BackgroundImage  - form එකට background image එකක් ලබාදීම.
Font - මෙමගින් ගැලපෙන පරිදි font වෙනස් කරගැනීම කරගත හැකිය.
FormBorderStyle - form border එක සහ title bar එකේ පෙනුම මෙමගින් දැක්වේ.
Icon - form එක නිරූපණය කිරීම සඳහා භාවිත කෙරෙන Icon මෙයින් දැක්වේ.
StartPosition - form එක දිස් වන ස්ථානය මෙයින් දැක් වේ.
Text - form එකේ text caption වෙනස් කරගත හැකිය.
Visible - form එක run වෙන අවස්ථාවේදී එහි visibility එක මෙයින් දැක් වේ.


              මම ඉහත දක්වල තියෙන්නෙ අපිට නිතරම අවශ්‍ය වෙන properties කීපයක්. මේ ආකාරයෙන් properties විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා එකින් එක වෙනස් කරල මොකද වෙන්නේ කියන දේ ගැන ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. මූලිකවම මම අද ලියන්න අදහස් කලේ form එකක්  create කරගෙන එකේ properties වෙනස් කරගන්න ආකාරය පිලිබඳවයි. ඉදිරියේදි GUI application පිලිබඳව ගැබුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop