Tuesday, April 26, 2011

ලස්සන Boot screen

හ්ම්ම්ම්....අද මගේ blog එකේ පොඩි වෙනසක් කරන්න හිතුවා.මම කලින් ලියපු හැම ලිපියකින්ම කතා කලේ C# ගැනනේ.ඉතින් අද මට හිතුන programming වලට අමතරව Ubuntu ගැනත් පොඩි වැඩ කෑලි ටිකක් කියල දෙන්න. windows වගේම Ubuntu මෙහෙයුම් පද්ධතිය අපේ ගොඩක් අය දැන් භාවිතා කරනවා. ඒ වගේම Ubuntu ගැන දැන ගන්න කැමති අයත් ඉන්නවනේ. ඉතින් ඔය හැම කෙනෙක්ටම වැදගත් වෙන ලිපි පෙලක් අද ඉදන් මගෙ blog අඩවියේ දිගහැරෙවි...මේ ඇරඹුමයි...

අපි කවුරුත් කැමතිනෙ අපෙ පරිගණකය පොඩ්ඩක් වෙනස් විදියට පාවිච්චි කරන්න.ලස්සන theme දාන්න.එක එක software දාල අපේ computer එකට පොඩි look එකක් දෙන්න...මම Ubuntu 10.04 වල තියෙන ඒ වගෙ පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්නන්. ඔයාගෙ පරිගණකය boot කරනකොට ඔයා කැමති Boot screen එකක් දෙන්නෙ කොහොමද කියල ඕන්න බලාගන්න එහෙමනන්...

Ubuntu මෙහෙයුම් පද්ධතියේ boot screen එකට අදාල background එක හා animation display  කර ගන්න theme framework එකක් යොදාගන්නව. ඒ නිසා සරලව wallpaper එකක් අපේ boot screen එකට ඇතුලත් කරගන්න බෑ. ඒ සදහා plymouth theme එකක් පරිගණකයේ ස්ථාපනය කරගන්න ඔනා. Ubuntu වල මේ ආකාරයේ plymouth themes කිහිපයක්ම තියෙනව...ඒව ස්ථාපනය කරගන්න මේ command එක ඔයගෙ terminal එකේ කොටල enter බොත්තම ඔබන්න...


sudo apt-get install plymouth-theme-*

plymouth themes ස්ථාපනය කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඔයා කැමති theme 1 select කරගන්න එකයි...

ඒකට මෙන්න මේ command එක ටෙර්මිනල් එකේ copy & paste කරන්න.


sudo update-alternatives --config default.plymouth



මේ විදියෙ list එකක් ලැබෙන්න අති ඔයාටත්...දැන් ඉත්න් කැමති theme එකේ number එක type කරල enter ඔබන්න.

system එක update කරන්න පහල command එක දෙන්න. මගෙ නන් එක දුන් නැතුව වැඩ කලා...ඔයගෙ අලුත් spalsh screen එක ආවෙ නැත්නන් මේ command එක දීල බලන්න.



sudo update-initramfs -u

Restart පාරක් දීල බලන්න සියලු දෙවියන්ව සිහි කරගෙන...  වැඩේ හරි ගිය නන් comment පාරකුත් දාන්න එලකිරි වගේ.

ගුණ දොස් කියන්න පහල කො‍ටුවෙ ඉද තියෙනවා....

4 comments:

tharindu said... Best Blogger Tips

ela machan pattai ah

සමීර මධුෂාන් said... Best Blogger Tips

@tharindu
thanx machan...

Dilshan Niroda said... Best Blogger Tips

හොද ලිපියක්.....දන්නේ නැති දෙයක් කියලා දුන්නට ස්තුතියි...දිගටම ලියන්න...ජයවේවා!(මචන් comment කරන්න ලේසි වෙන්න word verification අයින් කලොත් හොදයි නේද?)

ඩිලාන්ගේ Blog අවකාශය said... Best Blogger Tips

niyamai macho.........

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop